වෙසක් බැතිය හා අරගලය



 

වෙසක් දවස හොදය් අරගලය ගැන පුලුල්ව හිතන්න. මා මෙතෙක් කල් අත්දුටු නිවන් මග වැටි වැටි නැගිට නැගිට යන ගමනක්. කවදාවත් කෙලින් පාරෙ පල්ලම් නෑ. ඉතාමත් වැදගත් වනුයේ තමා ඉන්න තැන ගැන අවන්ක සෝදිසියය්. 


වෙසක් එකට කූඩු පත්තු කිරීම් වැනි දේ අතිශය ප්‍රියන්කරය. සිත් සැනසීමටද එය ඉවහල් වේ. නමුත් බුදු දහම සැමදා සිතේ තිබිය යුතුය දෙයක්‍. වෙසක් පහන සැමදා සිතේ දැල්විය යුතුය දෙයක්. එය එසේ වනුයේ බුදු සසුනට ඇතුලු වූ සියලු දෙනා උඩින් සරල වුත් සැබෑ වශයෙන් ඉතා ගැබුරු වුත් සිද්ධාන්ත දෙකක් මුලින්ම අවබෝධ කරගැනීමෙනි. පලමු දේනම් මේ වෙලාවේ තමා සහ තමා අත්විදින ලෝකය තම සිතේ මේ මොහොතේ හටගත් මායාකාරී චිත්‍රයක් යය් වැටහීමය (සංයුක්ත නිකාය 12.44, ලෝක සුත්‍ර). දෙවනුව, යම් හේතුන්ගෙන් හටගත් දෙයක් ඇත්ද ඒ සියල්ල හේතු නැතිවීමත් සමග නැතිවේ කියන සිද්ධාන්තයය් (සංයුක්ත නිකාය 12.2, පටිච්ච සමුප්පාද විභංග සුත්‍ර). එනම් තමා සහ තම ලෝකය සමග හටගෙන ඇති වේදනාවන් හටගත් චිත්‍රයේ පරිවර්තන සමග පරිවර්තනය වන බවත්ය. 


මෙය මතු පිටින් සරල දෙයක් සේ පෙනී යා හැක. නමුත් ප්‍රායෝගිකව අසහනකාරි අත්දෑකීමක් ආ විට අවබෝදය යම්තාක් ඉවහල් වන නමුදු බොහෝ විට පලමුව සිදු වන්නේ knockout වෙන්න වැදීමය.  බඩ ගින්න, ඉදිරියේ ඇති අවදානම් සහගත තත්ව, සමාජ රැකවරනය නැතිවීම, තමා මත රදා පවතින ජීවිත වලට ඇති අවදානම්, පවුල් හා මිත්‍ර සබදතා වල ගැස්සීම් වැනි දේවල් මනසේ හටගත් දේ බව හොදින් දන්නා නමුදු තීව්‍රතාවය මත සැබෑවට ඇති දේ සේ දිස් වී දුක් විදීම සිදුවේ. ඒවා සමග අරගල කර වෙහෙස වෙමින් සිටින මනසකට ධර්මය විනිවිද දැකීම අපහසුය. 


ඒ නිසා තම වට පිටාව ඕනවට වඩා අස්තාවර රටක දුක් විදින ජනයාට දහම අවබෝධ කරගැනීමට යොමු වීම ඉතා අපහසුය. තමාටද හිත ඉතා දියුනු තැනකට ගෙන යාමට එදිනෙදා කම්කටොලු බාදා දෙනු ඇත. ඒ නිසා තමා යම් ගමනක යන ගමන් සමාජ සාධාරනත්වය, නීතියේ ආදිපත්‍යය, වැනි දේවල් සදහා කරන සාමකාමී අරගල සාමකාමී රාමුව තුල පවතින තාක් සහය දීම අතිශය වැදගත්‍ වේ. සැබෑ බෞද්ධ සමාජයක් බිහි වීමට එය අවම අඩිතාලමක් වේ. ඒ සමගම බුද්ධ ධර්මය විකුර්ති කොට එය දේවාල සන්ස්කෘතියකට සීමා කොට ඉන් දේශපාලන වාසි ගන්නන් අවසන බුදු සසුනත් නසා තමාත් නැසෙන බව මතක තබාගත යුතුය. 


එසේ බුදු දහමේ හරය හා එය තේරුම් ගැනීමට හැකිවන සුමට සමාජය බිහි කිරීමට දායක වන අතර තම සිත තුල ලෝකය හටගන්න (පච්චුප්පන්න වන) සැබෑ අත්දැකීමට සිත යොමු කිරීමටද උත්සාහ ගත යුතුය. මෙය මාගේ සැබෑ අරගලයය්. සැමට සුබ වෙසක් මන්ගල්ලයක් වේවා! 

Comments

Popular posts from this blog

An appeal from all friends of Sri Lanka to come forward to prevent it from taking another wrong turn

The art of forgiving and reconciling

A formula to ignite youth tech start-ups in developing countries