තිරයෙන් ඔබ්බට (beyond the veil)
මානවයා ගෝත්‍රික සතෙකි. ශිශ්ටාචාර බිහි වන්නටත් කලින් මානවයා ගෝත්‍ර කන්ඩායම් වශයෙන් ජීවත් වූ බවට ශාක්‍ෂි තිබේ. තවමත් කන්ඩායම් හැගීම මිනිසුන්ට දෙන්නට ඉතා ලෙහෙසි දෙයකි. විටෙක ආගම තේමා කරගනත්, තවත් විටක හමේ වර්ණය මුල් කරගෙනත් මිනිසා යුධ වැදී තිබේ. එපමනක් නොව තම පාසල, පාසලේ පන්තිය, හෝ පාසලේ නිවාසය මුල් කරගෙන අනුන්ට වද හින්සා කරන පාසල් සිසුන් අප දැක ඇත. අරුමය වනුයේ තම ජීවිත කාලය තුල සාමාන්‍ය මිනිසෙක් තම ගෝත්‍ර හැගීම් ප්‍රකාශ කිරීමට නානා ප්‍රකාර ලේබල තම පිටේ අලවාගැනීමය්. එසේ අලවාගෙන තමාත් තැවෙන අතර අනුනද දුකට පත් කරය්. උතුරෙ මිනිස්සු, දකුනෙ මිනිස්සු, උඩරට මිනිස්සු, පහත රට මිනිස්සු, කලු මිනිස්සු, සුදු මිනිස්සු, උගත් මිනිස්සු, නූගත් මිනිස්සු, පොහොසත් මිනිස්සු, දුප්පත් මිනිස්සු, ගැහැනු, පිරිමි, කොකේශියන් මිනිස්සු, නීග්‍රෝ මිනිස්සු, මොංගෝලියන් මිනිස්සු, සිංහල මිනිස්සු, සිංහල බෞද්ධ මිනිස්සු, මුස්ලිම් මිනිස්සු, ...මෙහි කෙලවරක් නැත. බුදු දහමට අනුව, මෙය සක්කායධිට්ටියේ කොටසකි. මිනිසා සංසාරයට බැදී ඇති බඳන දහයෙන් ප්‍රතමය හා මහත් ප්‍රාතමික බඳනය වනුයේ මේ සක්කායධිට්ටිය නොහොත් සමාජය විසින් නිර්මානය ...